රාවනාගේ උමන් මාර්ගයක් හෙලිවෙයි

10:09 PM Video lanka 0 Comments

රාවණ යුගය ගැන අප දිගින්දිගටම කතා කළෙමු. රාවණ උමං තාක්ෂණය, ගුවන්යානා, න්‍යෂ්ටික බලය මෙන්ම රාවණගේ බලශක්ති කේන්ද්‍රය ආදී තොරතුරු පිළිබඳ නැවුම් තොරතුරු
රැුසක් අප ඔබ හමුවේ තැබුවෙමු. අප මේ වසර රාවණ වසර ලෙස නම් කරන්නට හේතු සාධක වූ විශේෂ කරුණු කිහිපයක් ඇත. ඉන් පළමුවැන්න නම් රාවණ ශක්තිය හෙළ පොළෝතලය පුරා ව්‍යාප්තවීමයි. දෙවැනි කරුණ රාවණ යුගයේ බොහෝ සම්පත් යළි පොළොව මතට පැමිණීමයි. අනෙක් කරුණ වනුයේ සැබෑ හෙළ තාරුණ්‍ය තුළ එක් එක් අයකුට වෙනස් හා ආවේණිකස්වරූපයන්ගෙන් අධි ශක්තීන් වර්ධනය වීමයි.

අප රාවණගේ බලශක්ති කේන්ද්‍රය පිළිබඳ කතා කෙරුවෙමු. එය ඉතා නුදුරු දිනයක හමුවනු ඇතැයිද එමඟින් ආසියාවම බල ගැන්විය හැකි යැයිද අපි පැවසුවෙමු. එහි පැහැදිලි සාක්ෂි හමුවෙමින් පවතී.
එහි පළමු සාක්ෂිය කළුගඟ ව්‍යාපෘතියට සමගාමි ප‍්‍රදේශයකින් හමුවී ඇත. ඒ න්‍යෂ්ටික බලගැන්වීම් කළ හැකි ඛනිජ වර්ග තුනක් පිළිබඳය. ඒ පිළිබඳ ඉදිරියේදී වැඩි තොරතුරු ලබාගත හැකි වනු ඇත. දෙවැනි කරුණ වනුයේ සීගිරිය ආසන්නයෙන් අඩි දහතුනක් පොළව යටින් ගමන් කරනා උමං මාර්ගයක් හමුවීමයි. තවත් එක් තොරතුරක් එක්කළ යුතුව ඇත. බස්නාහිර හා වයඹ ප‍්‍රදේශයට අයත් එක්තරා පන්සලක පැරණි ළිඳක් තුළින් වූ උමඟක තිබී රාවණ දඬුමොණරයක කොටස් හමුවීමයි. මේ සියල්ල හරහා මහාවංශය නොදුටු හෙළ යුගය යළි හෙළ දෙරණ මතට පැමිණෙමින් ඇති බව ඔබ අපට අවබෝධ කර ගැනීමට හැකිවෙයි. ඒ රාවණ පරිවර්තන යුගයේ ස්වභාවයයි.

තාක්ෂණ ක‍්‍රමවේදයන් පිළිබඳ කතා කිරීමට උත්සහ දරමු. ලංකාවේ ප‍්‍රධාන නගර විසිහතක් ආවරණය කෙරෙමින් ඉඳිවුණු උමං මාර්ග පද්ධතිය මෙන්ම ජල තාක්ෂණය භාවිත කරමින් ක‍්‍රියාත්මක වූ උමං පද්ධතියක් පිළිබඳවද තොරතුරු පවතියි. මෙම උමං ප‍්‍රධාන වර්ග කිහිපයකි. ප‍්‍රවාහන කටයුතු උදෙසා භාවිත වූ ජල උමං, එක් තැනක සිට තවත් ප‍්‍රදේශයක් පෝෂණය කිරීම උදෙසා ජලය ගෙනගිය උමං හා අලංකාරය උදෙසා ජලය රැුගෙන ගිය ජල පීඩක උමං ලෙස මෙය බෙදා දැක්විය හැකිවෙයි. පොදුවේ මෙම උමං ජල මාර්ග ‘ගලීස්ස’ ලෙස හැඳින්වෙයි.

ප‍්‍රවාහන කටයුතු උදෙසා ජල උමං

මහා රාවණ යුගයේදී ජල පීඩන තාක්ෂණය උපයෝගීකර ගනිමින් අධිවේගී ප‍්‍රවාහන පද්ධතියක් පැවතියේය. මාතලේ සිට නවක්කන්නිය හරහා ලංකා පුරයේ උතුරටත්, බණ්ඩාරවෙල කුඹුක්කන් ඔය හරහා ලංකාපුරයේ ගිනිකොණ දෙසටත්, මාතලේ සිට බණ්ඩාරගම ප‍්‍රදේශය හරහා ඉඳිකෙරුණු ජල පීඩක උමං මාර්ග පද්ධතියක් පැවතියේය.
මෙම උමං නිර්මාණය කිරීමේදී පාෂාණ වැස්මක් භාවිත කළ අතර, බොහෝවිට පොළොවේ අභ්‍යන්තර තද පාෂාණ ස්ථර භාවිත කරනු ලැබුණි.මාතලේ නාලන්දා ගෙඩිගෙයට තරමක් දුරින් අඹන්ගඟ අසල ලූණුගෙය නමින් ප‍්‍රසිද්ධ බිම්ගෙයක් දැකගත හැකිවෙයි. මෙම ස්ථානය රාවණ යුගයේ ඉතා දියුණු මට්ටමේ ගලිසි තොටුපොළකි. ගලිසි තොටුපොළක් යනු උමං ජල මාර්ග පද්ධතියක් ඔස්සේ ක‍්‍රියාත්මක වන බෝට්ටු සේවයක නැවතුම්පලකි. මෙහි පොළෝ මට්ටමේ සිට අඩි 30-35 අභ්‍යන්තරයෙන් අදටත් මෙම උමං ජල මාර්ගය දැකගත හැකිවෙයි. මෙම ජල මාර්ගය පිහිටි උමඟ වර්තමානයේදීද ශේෂ වෙමින් පවතියි.
මෙම ජල උමඟට එකල සුදුගඟ මුල්කරගනිමින් ජලය ඇතුළු කළ බව සිතිය හැකිය. මෙසේ ඇතුළු කරන ජලය උතුරු දෙසට ගමන් කර අවසානයේ මුහුදට ගලායයි. මෙම මාර්ගයේ අතරමැද ස්ථාන කිහිපයක පිටවීම් දොරටු පැවතියේය. යාපනයේ නාවක්කන්නි ළිඳ එවැන්නකි. මෙහිදී ජලය තුළ ගමන් කළ හැකි (වර්තමාන කෝච්චිවල පෙනුමට සමාන* යානා විශේෂයක් මෙම උමං මාර්ගවල ගමන් කර ඇත.
මෙම උමං මාර්ගවල ස්ථාන කිහිපයකින් දොරටු පිහිටා තිබුණි. ඒ හරහා ජල පීඩනය අවශ්‍ය දිශා වෙත යොමුකිරීමේ හැකියාව පැවතුණි. කඳුකරයේ සිට වර්තමාන යාපනය දෙසට ගමන් කිරීමට ජලයේ ගලායෑමේ වේගයට සමානව සුළු බලයක් ලබාදීම ප‍්‍රමාණවත්ය. එහෙත් යළි පැමිණීම උදෙසා උපයෝගී කර ගනු ලැබුවේ මුහුදේ ජල පීඩනයයි. මේ සඳහා සුදු ගෙඟන් ජලය ඇතුළුවන මාර්ග මෙන්ම අනෙකුත් පිටවීම් මාර්ගද වසා දැමුණි. මුහුදේ පීඩනය යොදාගනිමින් එයට සමානව යානයේ ඇතිකර ගනු ලබන සුළු බල ගැන්වීමක් හරහා කඳුකරයට යළි පැමිණීමට හැකියාව ලැබෙයි.
වර්තමානයේදීද මාතලේ අඹන් ගෙඟ් හා නාවක්කන්නි ළිඳේ ජල සාම්පල එකිනෙකට සමානය. තාවක්කන්නි ළිඳ යනුවෙන් හැඳින්වෙන්නේ යාපනයේ වැල්වැටිතුරෙයි මාර්ගයේ නිලාවරි ගම ආසන්නයේ පිහිටි පතුලක් නොමැති ළිඳ යනුවෙන් හැඳින්වෙන ස්ථානයයි. එයට සැතපුම් කිහිපයක් දුරින් පිහිටි කිලමලේ පිහිටි ඖෂධ පොකුණ ලෙස වර්තමානයේ හැඳින්වෙන පොකුණ එක් ගලිසි තොටුපොළකි. මෙම පොකුණේ ඇත්තේද එකම ජල සාන්ද්‍රණයකි.

නවක්කන්නි ලිද

එකල වර්තමාන අනුරාධපුරය කේන්ද්‍ර කර ගනිමින් පැවති නීලගිරි දේශය හරහා මෙම ගලිසි මාර්ගය පැවතුණි. ප‍්‍රධාන ගලිසි තොටුපළක් නීලගිරියේ අභයවැව ආශ‍්‍රිතව පැවතුණේය.
මාතලේ සිට රාවණ ඇල්ල දක්වා පවතින උමං මාර්ගය එහි දෙවැනි කොටසයි. මෙය දෙපසට ජලය ගෙන යා හැකි ලෙස නිර්මාණය කරන ලද ගලිසියකි. (ජල උම`ගකි* ප‍්‍රධාන දිසා දෙකට ජලය යොමු කළ හැකි ලෙස මෙම උමෙඟ් දොරටු සවිකර තිබී ඇත. ඒ හරහා අවශ්‍ය විටෙක රාවණ ඇල්ලේ ජලය සුදුගඟ දෙසටත්, තවත් විටෙක සුදු ගෙඟ් ජලය රාවණ ඇල්ල දෙසටත් හැරවිය හැකි විණි. මේ හරහා මෙය ඉතා පහසු ප‍්‍රවාහන මාධ්‍යයක් ලෙස භාවිත කළ හැකිවිය.
තෙවැනි කොටස රාවණ ඇල්ලේ සිට යාල හතරවන කලාපයේ පිහිටි කුඹුක්කන් ඔය එකල මුහුදට වැටුණු ස්ථානයට ආසන්නයේ පිහිටි ගලිසි තොටුපළක් හා සම්බන්ධව පැවතියේය. මෙහිදීද භාවිත වූයේ මාතලේ හා නාවක්කන්නි ළිඳ අතර පැවති තාක්ෂණ ක‍්‍රමවේදයයි.
වර්තමානයේදීද මෙම උමං මාර්ග හරහා ජලය ගමන් කිරීම සිදුවුවත් බොහෝ සෙයින් උමං හුණුගල්වලින් වැසී ගොස් ඇත. එයට හේතුවූයේ වසර පන්දහසකට අධික කාලයක් තිස්සේ මේවා ටිකින් ටික මහපොළොවෙන් වැසී යෑමයි. අනෙක් ප‍්‍රබලම කාරණය වූයේ ලංකාපුරයේ භූමි ප‍්‍රමාණයෙන් දොළහෙන් එකොළහක් (11/12* විනාශ කරමින් රටට ගලා ආ මුහුද රැුගෙන ආ මහ වැලි කඳින් උමං මාර්ග වැසීයාමයි.
උමං මාර්ගයන් ආශ‍්‍රිතව ක‍්‍රියාත්මක වූ අධිවේගී ජලකර නැතහොත් ජල පීඩක යානාවලට අමතරව අභ්‍යන්තර ගංගා පද්ධතිය ආශ‍්‍රිතව ඉතා විශිෂ්ට ගමනාගමන පද්ධතියක් පැවති බවට ඇති හොඳම සාධකය බුදුහිමියන් ජල මාර්ගයක් දිගේ මහියංගනයට නැවකින් වැඩම කරවීමයි. එකල්හි වර්තමාන බෝට්ටුවලට වඩා වෙනස්, වඩා ආරක්‍ෂිත යාත‍්‍රා විශේෂයක් පැවතියේය. එය ජල මතුපිට මෙන්ම අවස්ථානුකූලව ජල අභ්‍යන්තරයේද ගමන්කිරීමේ හැකියාව පැවතියේය. එය පෙට්ටි 2 – 3ක වර්තමාන කෝච්චියක පෙනුමෙන් යුක්ත වූ මෙම ජලකර යාත‍්‍රාවල නම්‍යශීලි බවක් පැවතියේය. එබැවින් ඉතා පහසුවෙන් ජලමාර්ග හරහා ගමන්කිරීමේ පහසුවත් උමං ආශ‍්‍රිතව ගමන් කිරීමේදී වඩා නම්‍යශීලිවීමේ හැකියාව තිබේ.
මාතලේ ආශ‍්‍රිතව අභ්‍යන්තර ගංගා පද්ධතියක් ඇති බවට ඈත අතීතයේ සිටම මතයක් පැවතිණි. බෝවතැන්න ජලාශය ඉදිකිරීමට යෝජනා වන්නේ අපේ හෙළ රාවණ ඉතිහාසය සම්පූර්ණයෙන්ම මකාදැමීමේ පරමාර්ථයෙන් යැයි පැවසුවහොත් එහි කිසිදු අතිශෝක්තියක් නැත. මන්ද අප හෙළ ලංකා පුරයේ මධ්‍ය ලක්ෂ්‍යය වූ නාලන්දා ගෙඩිගෙය පිහිටි බිමද මේ ජලාශයට යටවීමට නියමිතව පැවතුණි. පෙර රාවණ යුගයේදී මෙම ස්ථානයේ සූර්ය දෙවොලක් ඉදිකිරීම හරහා සිවු හෙළයටම ඇවැසි ශක්තිය ඒ හරහා උකහා ගැනීමට එකල පාලකයෝ උත්සුක වූහ. සූර්ය ශක්තිය යනු අග්නි ශක්තියයි. එසේනම් ලංකා පුරයේ මධ්‍යයේ ක‍්‍රියාත්මක වනුයේ ප‍්‍රබල අග්නි ශක්තියකි. එය විශ්ව නිර්මාණයට අදාළව සිතීමේදීද එය සත්‍යයක් බව පෙනීයයි. සෞරග‍්‍රහ මණ්ඩලයේ මධ්‍යයේ සූර්යයා සිටියි. පෘථිවිය මධ්‍යයේ ගිනිගෙන දැවෙන ලෝදිය ඇත. මෙලෙස බලන කල ලංකා පුරයේ මධ්‍ය ස්ථානයේ පවතිනුයේද අග්නි ශක්තියකි. එහෙත් අද පැරණි නාලන්දා ගෙඩිගෙය කැබලිවලට ගලවා අඩි 25-30ක් ඉහළට ගෙන මධ්‍ය මණ්ඩලයේ තුළ මහා ජලාශයක් ඉදි කළේය. යුරෝපීය සැලසුම වූයේ මධ්‍ය මණ්ඩලයේ අග්නි බලයට ප‍්‍රතිවිරෝධීත්වයක් ඇති කිරීමට හැකි මහා ජල ධාරිතාවක් එහි එක්රැුස් කිරීමය. බෝවතැන්න ජලාශය එහි අවසන් ප‍්‍රතිඵලයයි. අපේ දේ
පරසුද්දාට උගස් කළ අපේ පාලකයෝ කිසිදු විලි ලැජ්ජාවකින් තොරව අපේ උරුමයන් හාරා විනාශකර දමන්නට ඔවුනට ඉඩදුන්හ. අප මහා ඉහළින් වර්ණනා කරන මහ පරිමාණ සංවර්ධන ව්‍යාපෘති බොහොමයක් ස්ථානගත වූයේ අපේ රාවණ සාධක පැවති ස්ථානයන් කේන්ද්‍රගත වෙමිනි. එයට හේතුවූයේ එම සැලසුම් සියල්ලම යුරෝපා රටවල සකස්වුණු සැලසුම්වීමය. උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතියද මෙවැනිම ව්‍යාපෘතියකි. බෝවතැන්න ජලාශය ඉදිකිරීමෙන් මාතලේ ආශ‍්‍රිතව පැවති උමං පද්ධතිය දැඩි ලෙස විනාශ වීම සිදුවුණි. මෙයට අමතරව තෙල්දෙණිය ජලාශය ඉදිකිරීමේදීද පැරණි උමං ගුහා පද්ධතියක් සම්පූර්ණයෙන්ම කොන්ක‍්‍රීට් දමා වසා දැමුවේය. කොත්මලේ ජලාශයේ වැව් බැම්ම ඉදිකිරීමට හාරන ලද්දේද ප‍්‍රධාන උමං පද්ධතියක් බවට තොරතුරු පවතී. මේ අනුව බලන කල විදේශීය සැලසුම් බොහොමයක් සැකසී ඇත්තේ චන්ද්‍රිකා තාක්ෂණය මඟින් හොඳින් අධ්‍යයනය කිරීමෙන් පසු පොළොව යට සැඟවුණු හෙළ තාක්ෂණ ක‍්‍රමවේදයන් සොයා ගැනීම උදෙසා මිස අපට ඇති ආදරයකට නොවන බව පෙනී යයි. මෙවන් කැණීම්වලදී හමු වූ පැරණි ගලිසි තාක්ෂණයට අයත් වේළී, ජල උමං මිස වෙනත් කිසිදු ඓතිහාසික සාධකයක් මතුවීමට ඔවුන් ඉඩ තැබුවේ නැත. ඒ සියල්ල ඔවුන් වසා දැමුවේය.

රාවණගේ ජල උයන් ආලකමන්දාව ඉතිහාසගත කරයි

අප හෙළ ගලිසි තාක්ෂණයට සාක්ෂි නැතැයි පැවසුවද සාක්ෂි අපට නොපෙනීම මිස නොමැතිවීමක් නැත. මාදුරු ඔය සංවර්ධනය කිරීමේදී හමුවූ සොරොව්ව ගලිසි සොරොව්වකි. ලාහුගල හැඩඔයේ තිබී හමුවූ ගල් අමුණට සමානම අමුණක් ඉන්කා ශිෂ්ටාචාරයෙන්ද හමුවිය. ඒ ගුවනින් ගිය සිංහ දේශයේ වැසියන්ගේ ඥානයයි.
ජලය ගෙනයන උමං

ප‍්‍රවාහන කටයුතුවලට අමතරව ජල හිඟය හා බීමට සුදුසු ජලය නොපැවති ප‍්‍රදේශවලට ජලය ලබාදීම උදෙසා ක‍්‍රියාත්මක වූ විශේෂ උමං පද්ධතියක් එකල පැවතියේය. මෙම උමං පද්ධතිය එකල පැවති වරායන් වූ කුදිරමලේ, යාල, කේවෙන (යාපනය* ආශ‍්‍රිතව ව්‍යාප්තව පැවතියේය.
කුදිරමලේ පිහිටි ගොන්ගේ විල තුළ වර්තමානයේදීද පිරිසුදු ජලය පවතියි. එසේම යාල මුහුදු සීමාවේ පිරිසුදු ජලය සහිත එක් ළිඳක් පවතියි. මේවා කාලයෙන් වැසී විනාශ වී ගොස් ඇති අතර, භාවිතයට අවශ්‍ය පිරිසුදු ජලය සැපයීම උදෙසා කඳුකරයේ සිට සකසන ලද උමං මාර්ග (ගලිසි* හරහා මෙම විල්වලට ජලය ලැබිණි. ජලය ගබඩා කිරීම උදෙසා විශේෂ ක‍්‍රමවේදයන් අනුගමනය කරමින් නූතන ජල පෙරුම් තාක්ෂණයට සමාන වන අයුරින් පොළොව හාරා ගල් වැලි ආදී විවිධ ස්ථරයන් යොදමින් කෘති‍්‍රම විල් ගොඩනගා ඇත. මෙම විල් ගොඩනැගීමේදී විශේෂිත ක‍්‍රමවේද බොහොමයක් අනුගමනය කර ඇත. ජලයේ විෂ ස්වභාවයන් ඇතිවීම පාලනය කළ හැකි ‘මඩාර’ නම් විශේෂිත පස් මිශ‍්‍රණයක් භාවිත කරමින් විල්වල මතුපිට වැස්ම සකස් කිරීම හා ජලය ස්වභාවිකව පවිත‍්‍ර කළ හැකි මී, ඇටඹ, කුඹුක් වැනි ශාක ඒ වටා සිටුවීම කරනු ලබයි. එහිදී එම ශාකවල මුල්, ඇට, කොළ ජලය හා මිශ‍්‍රවීම හරහා ජලය පවිත‍්‍රවීම සිදුවිය.
වර්තමානයේ ක්ලෝරීන් යෙදීම හරහා සිදුකරන දෙය මේවන් ක‍්‍රමවේද හරහා ඉතා සාර්ථකව ඉටුකරගත්තේය. වර්තමානයේදී ද රටපුරා දැඩි පාරිසරික තර්ජනයන් ඇතිවන අයුරින් ජලාශ ඉදිකර ජලය ගෙනයෑමේ ක‍්‍රමවේදවලට වඩා රාවණ යුගයේදී මෙන් වසර පුරාම ඇදහැළෙන දියඇළි ආශ‍්‍රිතව ඉදිකළ ජල උමං හරහා රටේ ඕනෑ තැනකට ජලය ගෙනයෑමේ ක‍්‍රමවේදයන් භාවිත කිරීම වඩා සුදුසුය.
වර්තමානයේදී අපේ වරාය පද්ධති තුළින් නැව්වලට පිරිසුදු ජලය ලබාදීමෙන් පමණක් විශාල ආදායමක් උපයාගනු ලබයි. මෙය ඈත අතීතයේදී ද ක‍්‍රියාත්මක වූ අතර, ලොව පුරා ව්‍යාප්තව පැවති නාවික
මාර්ගයන් බොහොමයක් ලංකාපුරය හරහා වැටී තිබුණි. එයට හේතු වූයේ එවකට ලංකාපුරය ලොව ප‍්‍රබල රාජ්‍යයක් වීමයි. විජය ලංකාවට පැමිණෙන්නේද පිරිසුදු ජලය සොයාගෙනය. අපේ රටවටා රාවණ යුගයේදී පැවති වරාය පද්ධතිය රාම රාවණ යුද්ධයේදී විනාශ වී ගියත් එය යළි ක‍්‍රියාත්මක වූ බවට ඇති හොඳම සාක්ෂිය විජයගේ පැමිණීම හා බුදුරජාණන්වහන්සේගේ පැමිණීමයි.
වැව් අමුණු බැඳ ජලය රැුස්කර ගොවිතැන් කිරීම අපට හුරුවූයේ විජයගේ පැමිණීමෙන් පසුව යැයි අපේ ඉතිහාසඥයෝ තලූ මරමින් පවසති. විජයගේ රටේවත් නැති වැව් අමුණු ඔහු මේ රටේ ඉදිකරන්නේ කෙලෙසකදැයි ඔවුන්ට නොවැටහෙන්නේ යුරෝපීය හැදෑරීම්වලින් ඔවුනගේ ඇස් බැඳ දමා ඇති නිසා විය යුතුය.
කුඹුක්කන් ඔය රාවණ යුගයෙන් ශේෂ වී පැවති අවසන් අමුණයි. කුඹුක්කන් ඔය හරහා බඳින ලද අමුණක් උපයෝගී කර ගනිමින් වර්තමාන යාල, කුමන ප‍්‍රදේශයට අයත් රෝහණ දේශය සශ‍්‍රීක කිරීමට කුම්භකර්ණයන්ට හැකිවිය. කුම්භකර්ණ යනු රාවණගේ සොහොයුරකි. රාමායනගේ සඳහන් වන පරිදි එකදිගට මාස හයක් නිදියන ඔහු මුවන් හත්සියයක්, හාල් නැලි හත්සියයක් එකවර ගිල දමන මහා යකෙකි. මෙය සංකල්ප රූපයකි. රාවණ රාජ්‍යයේ කෘෂිකර්මය හා ආහාර සම්පාදනය භාරව පැවතියේ කුම්භකර්ණයන්ටය. මුවන් හත්සියයක් සහ හාල් නැලි හත්සියයක් කා මාස හයක් නිදාගැනීම යනු එක් කන්නයක් වැඩකර රැුස්කරගන්නා ආහාරවලින් මාස හයක් රටේ ජනයාට කන්න දීමේ හැකියාව ඔහුගේ වගා ක‍්‍රමවේදයට පැවති බවය. වගා නොකරන මාස හය තුළදී පරිසර පද්ධතිය ස්වභාවික ලෙස වෙනස් වීමට අවස්ථාව සැලසීම ඔවුනගේ අපේක්ෂාවයි. කුඹුක්කන් ඔය අමුණ හරහා කුඹුරු අක්කර දහස් ගණනක් වගා කළේය. 1818දී බ‍්‍රවුන්රිග් ආණ්ඩුකාරයා මෙම අමුණ පුපුරවා හැරීමට තීරණය කළේය. එයට හේතු වූයේ හෙළ ශක්තිය මෙම වාරි තාක්ෂණය හරහා වර්ධනය වීමයි. එකල වගාකළ දේ කල්තබාගැනීමේ ප‍්‍රබල ක‍්‍රම පැවතුණි (රාවණ කෘෂිකර්මය පිළිබඳ වෙනම ලිපියකින් මේ පිළිබඳ සාකච්ඡුා කරමු* මෙවන් වැදගත් මෙහෙයක් ඉටුකළ කුම්භකර්ණ නිදිකුම්බයකු බවට පත්කර ඔහු අලස බව හැඳින්වීමේ සංකේතය කළ ඉතිහාසය එය සූක්ෂ්ම ලෙස ඉදිරියට පවත්වාගෙන ඒමට සමත්විය.

අලංකාරය උදෙසා ජල උමං

0 comments:

Disqus Shortname

Comments System

Disqus Shortname

Comments system